leasing

ලීසිං

ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම දේ ලබා දීමේ අප ආයතනික ප්‍රමුඛ මූලධර්මය අනුගමනය කරමින්, සියපත ෆිනෑන්ස් සමාගම ඔබේ දියුණුව පතා විශාල පරාසයක විහිදුනු ලීසිං විසඳුම් ගණනාවක් පිරිනමයි. දිවයින පුරා පිහිටි අපගේ අද්විතීය ශාඛා ජාලය ඔස්සේ මෙම ලීසිං විසඳුම් වෙත ප්‍රවේශ විය හැකි අතර ඒවා පුද්ගලයින්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයින් හෝ ආයතනික සමාගම් සඳහා නිරතුරුව සේවා සලසයි.

- සියපත ලයිෆ්ස්ටයිල් ලීසිං -

Siyapatha Lifestyle Leasing
Siyapatha Lifestyle Leasing

ඔබ ඔබේ සිහින වාහනය පැදවීමට සූදානම් ද? ඔබේ ආදායමට හා ජීවන රටාවට සරිලන පරිදි සකස් කළ නම්‍යශීලී මූල්‍ය සැලැස්මක් වෙනුවෙන් සහය වීමට සියපත ලයිෆ්ස්ටයිල් ලීසිං සූදානමින් සිටී.

සුවිශේෂී ලක්ෂණ
  • ලියාපදිංචි කළ / ලියාපදිංචි නොකළ ඕනෑම වාහනයක් සඳහා ලීසිං විසඳුම්.
  • තරඟකාරී පොලී අනුපාත.
  • ඔබේ ආදායම් රටාවන්ට සරිලන ආකාරයේ නම්‍යශීලී වාරික සැලසුම්.
  • කාර්යක්ෂම සේවයක්.
  • වාහන ලියාපදිංචි කිරීම, රක්ෂණය සහ අනෙකුත් අදාළ සියලු සේවාවන් එකම පියසක් යට.
  • ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් හරහා ගෙවිය හැකි මාසික බදු කුලිය.
වැඩිදුර විස්තර සඳහා 0777 605 605

- සියපත බඩි ට්‍රක් ලීසිං -

Siyapatha Buddy Truck Leasing
Siyapatha Buddy Truck Leasing

ස්වයං රැකියාවල නියුතුව සිටින්නන් සහ දෛනික ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවල නියැලි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහාත් කදිම ලීසිං විසඳුමකි. තරගකාරී පොලී අනුපත යටතේ නිරවුල් හා සුහදශීලී සේවාවක් සමග සියපත බඩි ට්‍රක් ලීසිං විසඳුම ඔබේ ව්‍යාපාරය දියුණුව කරා ගෙන යනු පිණිස ඔබට අත්වැල් සපයයි.

සුවිශේෂී ලක්ෂණ
  • ඔබේ මාසික ආදායම මත පදනම් වූ ලීසිං පහසුකම.
  • තරඟකාරී පොලී අනුපාත.
  • කඩිනම් අනුමැතිය.
  • රක්ෂණය සහ අනෙකුත් අදාළ සියලු සේවාවන් එකම පියසක් යට.
  • ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් හරහා ගෙවිය හැකි මාසික බදු කුලිය.
වැඩිදුර විස්තර සඳහා 0777 605 605

- සියපත ඇග්‍රි ලීස් -

Siyapatha Agri Lease
Siyapatha Agri Lease

ගොවීන්, තේ වැවිලිකරුවන්, කර්මාන්ත ශාලා හිමියන් සහ අනෙකුත් භවභෝග ඇතුළු රබර් හා කුළුබඩු වැනි භෝග රාශියකට ප්‍රතිලාභ සලසා දෙන ඇග්‍රි ලීසිං මගින් රෝද හතරේ ට්‍රැක්ටර් සහ අස්වනු නෙලීමේ යන්ත්‍ර වැනි කෘෂි කර්මාන්තය දියුණු කළ හැකි සම්පත් වෙනුවෙන් මුදල් යෙදවීමට ඔබට පුළුවන. ඒ සඳහා ස්ථාවර පදනමක් මත වාරික ගෙවීම හෝ අස්වනු නෙලන කන්න අනුව වාරික ගෙවීමේ ක්‍රම අතුරින් ඔබට සුදුසු ගෙවීම් සැලැස්මක් ඔබම තෝරා ගන්න.

සුවිශේෂී ලක්ෂණ
  • ඔබේ වාරිකය ගෙවීම ස්ථාවර වාරික ක්‍රමයට හෝ කන්න වාරික ක්‍රමයට සිදු කළ හැක.
  • අඩුම පොලී අනුපාත.
  • සුහදශීලී වෘත්තීයමය සේවය.
  • පහසු සහ සරල ලියකියවිලි.
  • ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් හරහා ගෙවිය හැකි මාසික බදු කුලිය.
වැඩිදුර විස්තර සඳහා 0777 605 605

- සියපත ටුක් ටුක් ලීසිං -

Siyapatha Tuk-Tuk Leasing
Siyapatha Tuk-Tuk Leasing

ව්‍යාපාරික හෝ පුද්ගලික භාවිතය සඳහා ත්‍රීරෝද රථයක් ගැනීමට ඔබට අවශ්‍ය ද? සියපත ටුක් ටුක් ලීසිං සමග ඔබට පැය කීපයක් ඇතුළත නවතම ත්‍රීරෝද රථයක් හෝ ලියාපදිංචි ත්‍රීරෝද රථයක් ලබා ගත හැකි ය.

සුවිශේෂී ලක්ෂණ
  • සාක්කුවට බරක් නැති පහසු ගෙවීමේ ක්‍රම.
  • රක්ෂණය සහ අනෙකුත් අදාළ සියලු සේවාවන් එකම පියසක් යට.
  • අඩුම පොලී අනුපාත.
  • සුහදශීලී වෘත්තීයමය සේවය.
  • පහසු සහ සරල ලියකියවිලි.
  • ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් හරහා ගෙවිය හැකි මාසික බදු කුලිය.
වැඩිදුර විස්තර සඳහා 0777 605 605

- සියපත සැණින් කෑෂ් -

Siyapatha Sanin Cash
Siyapatha Sanin Cash

දැනට සිටින ගනුදෙනුකරුවකුට හෝ නව ගනුදෙනුකරුවකුට ඔවුන් සතුව ඇති වාහනයක් වෙනුවෙන් පිරිනමන ප්‍රතිමූල්‍යයන ණය පහසුකමක් වන ‘සැණින් කෑෂ්’ සේවාව මගින් ඔබගේ සියලුම මූල්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිලාභ රාශියක් ලබා දෙයි. නිවසක් අලුත්වැඩියා කිරීම සඳහාත්, විදේශ සංචාරයක යෙදීම සඳහාත්, අධ්‍යාපනික හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හෝ වෙනත් හදිසි උවමනාවන් සඳහාත් මෙම ණය පහසුකම ලබා ගත හැකි ය.

සුවිශේෂී ලක්ෂණ
  • ඔබේ ආදායමට සරිලන ලෙස සුසැදි මාසික වාරිකය.
  • අඩුම පොලී අනුපාත.
  • කඩිනම් අනුමැතිය.
  • පහසු සහ සරල ලියකියවිලි.
  • ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් හරහා වාරික ගෙවීමේ හැකියාව.
වැඩිදුර විස්තර සඳහා 0777 605 605

- සියපත මෝබයික් ලීස් -

Siyapatha MoBike Lease
Siyapatha MoBike Lease

සියපත ෆිනෑන්ස් මෝබයික් ලීසිං සමග දැන් ඔබට ඔබේම යතුරු පැදියක් හෝ ස්කූටරයක් ​​පැදය හැකි ය. අපගේ අසමසම පොලී අනුපාත, සරල ලියකියවිලි සහ සුහදශීලී වෘත්තීයමය සේවය සහිතව ලීසිං පහසුකමක් ලබා ගැනීම සඳහා අදම අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න.

සුවිශේෂී ලක්ෂණ
  • ඔබේ ආදායමට සරිලන ලෙස සුසැදි මාසික වාරිකය.
  • සරළ ලියකියවිලි.
  • කඩිනම් අනුමැතිය.
  • සැඟවුණු ගාස්තු කිසිවක් නැත.
  • ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් හරහා ගෙවිය හැකි මාසික බදු කුලිය.
වැඩිදුර විස්තර සඳහා 0777 605 605