නවමු පුවත්

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

Siyapatha Finance Expands Islandwide Footprint to Nikaweratiya

ප‍්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

එම නිකවැරටිය නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප‍්‍රධාන විධායක නිලධාරී :ෘැිසටබ්එැ* මතීෂ හේවාවිතාරණ යන මහත්වරුන් සහ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරි මහතා, ග‍්‍රාම නිලධාරී එච්. එම්. ටී. නාමල් බණ්ඩාර මහතා ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

නිකවැරටිය නගරාශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙයි. පසුගිය දශක කිහිපය තුල නිකවැරටිය ආශ‍්‍රිතව සිදුවූ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සමග දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇතිව තිබේ.

නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් ”එකිනෙකට වෙනස් වෘත්තීන් / රැකියා සිදුකරන උද්‍යෝගිමත් ජනතාවක් සිටින නිකවැරටිය නගරයට අපගේ නවතම ශාඛාව රැගෙන එන්නට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා.

නිකවැරටිය වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට ඇපකැපවූ සියපත ෆිනෑන්ස් පළපුරුදු සුහද කාර්ය මණ්ඩලය මෙතැන් සිට ඔබේ ජයග‍්‍රහණයට මගපෙන්වාවි.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම නිකවැරටිය ශාඛාව වෙතින් නිකවැරටිය ආශ‍්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා දියුණු වීමේ අභිලාශය ඇති තරුණ තරුණියන් ප‍්‍රමුඛ ජනතාවට අවශ්‍ය ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ෆැක්ටරින්, ේිඑ ාර්ඓ සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සම`ග ීප්රඑ ඡු්හ බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.

දිත්වා සුළි කුණාටුවෙන් රටටත් ජනතාවටත් වූ පීඩාකාරීබව අවබෝධකොට ගත් සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාරීත්වය නිකවැරටිය නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව වෙනදා මෙන් උත්සවාකාරයෙන් නොපැවැත්වීය.

ඒ සඳහා ඇස්තමේන්තුගත කොට තිබූ මුදල නිකවැරටිය ප‍්‍රදේශයේ අවතැන් වූ ජනතාවගේ පාසැල් යන වයසේ ¥දරුවන්ට පාසැල් සපත්තු හා මේස් මිලදී ගැනීමට ත්‍යාග වවුචර්පත් ලෙස බෙදාදීම නව ශාඛාව විවෘත වූ අවස්ථාවේදී සිදුකෙරිණ. නිකවැරටිය ග‍්‍රාමනිලධාරී එච්. එම්. ටී. නාමල් බණ්ඩාර මහතා හරහා නිකවැරටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත එම ත්‍යාග වවුචර්පත් භාරදීම එහිදී සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර ආනන්ද සෙනෙවිරත්න මහතා සහ ප‍්‍රධාන විධායක නිලධාරී :ෘැිසටබ්එැ* මතීෂ හේවාවිතාරණ ඇතුළු ජේෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ.

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ‍්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප‍්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ් :කන්* හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.

නිකවැරටිය සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 037 4658105 අමතන්න, නැතහොත් අංක 48 ඊ, හීලෝගම පාර, නිකවැරටිය ලිපිනයේ පිහිටි ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩි විස්තර සඳහා අඅඅගිසහ්ච්එය්ගකන වෙබ් අඩවියට පිවිසෙන්න.

For more details about the නිකවැරටිය Branch, call 037 4658105 or visit the premises at No. 48 E, Heelogama Road, Nikaweratiya. To learn more about Siyapatha Finance PLC and services, visit www.siyapatha.lk.