අපගේ ගමන් මගට එක් වන්න

තිරසාරභාවය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තිරසාර මූල්‍ය සමාගමක් වීම ගැන අපි අපේ සාඩම්බරය පළ කරමු. අපගේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කර දීමටත්, එක් සේසත්ව සිටින ජන සමූහයක් ගොඩනැගීමටත්, අප සොයා දැනගත් ලෝකයට වඩා යහපත් ලොවක් ඉතිරි කර තබා යාමටත් අපට අවශ්‍ය ය. අපගේ තිරසාර ගමන් මග තුළින් යම් සාධනීය වෙනසක් සනිටුහන් කිරීමේ දැඩි අභිප්‍රාය අපට තිබේ!

Understanding Our Context

- අප පසුවන සංදර්භය වටහා ගැනීම-

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීයකරණය හේතුවෙන් ආර්ථික, සමාජීය හා පාරිසරික අභියෝග රාශියක් ඇති වී තිබේ. ජීවන තත්වය නගා සිටුවීම උදෙසා ආර්ථික වර්ධනය විෂයයෙහි සුවිශාල අවස්ථා සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සතුව පවතින අතර එම රටවලට මෙම ක්ෂේත්‍රයන් හී ලා බොහෝ බාධකවලට මුහුණ දීමට සිදුවී ඇත. වගකිව යුතු සංස්ථාපිත ආයතනයක් ලෙස සියපත ෆිනෑන්ස් සමාගම, මෙරට වෙසෙන එකී සේවාලාභී ජන කොටස් වෙනුවෙන් ද ව්‍යවසායකත්ව හා මූල්‍යමය සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ සංවර්ධනය අරබයා සිය කාර්ය භාරය ඉටු කිරීමට පූර්ණ වශයෙන් කැපවී කටයුතූ කිරීම මගින් උපාය මාර්ගිකව මෙම අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී.

Ethical Conduct, Good Governance & Compliance

-Ethical Conduct, Good Governance & Compliance-

සියපත ෆිනෑන්ස් සමාගම තුළ අවදානම් සහ අනුකූලතා සබැඳි කාර්යයන් වෙනුවෙන් වෙනම අංශයන් ක්‍රියාත්මක වේ. සමාගම, බලධාරීන් විසින් නිකුත් කරනු ලබන ආයතනික පාලන නියමයන් අනුගමනය කිරීමට කටයුතු කර ඇති අතර ක්ෂේත්‍රයේ ප්‍රශස්ත පරිචයන් අනුගමනය කිරීමට කැපවී ක්‍රියා කරයි. ක්ෂේත්‍රයේ තිරසර පැවැත්ම උදෙසා සියපත සමාගම තම සදාචාරාත්මක භාවිතයන්හි අඛණ්ඩව නිරතව සිටින අතරම එමගින් සිය සුනම්‍ය ව්‍යාපාරික මූහුණුවරෙහි එක් සුවිශේෂී චරිත ලක්ෂණයක් ද ගෙන හැර දක්වමින් කටයුතු කරයි.

Financial Inclusivity

- මූල්‍ය අන්තර්ගතභාවය -

සියපත ෆිනෑන්ස් සමාගම ස්වකීය දැක්ම අනුව කටයුතු කරමින් වඩාත් නම්‍යශීලී හා නිර්මාණාත්මක මූල්‍ය විසඳුම් ඉදිරිපත් කර ඉලක්කගත ජන කොටස්වලට සේවා සලසා දෙන අතර එමගින් තම සේවා දායකයින් වෙත තිරසාරත්වය සහ වටිනාකම සහතික කර සිටියි. සියපත සමාගම සිය මූලික ශක්තිය උකහා ගනුයේ, ඉලක්කගත අංශවලට සේවය කිරීම මගින් හා වඩා හොඳ ජීවනෝපායික වටපිටාවක් ලඟාකර ගැනීම සඳහා ඔවුනට සහාය වීම මගිනි. මෙමගින් ව්‍යාපාරික වෙළෙඳපොළ තුළ සිය සේවාවන්හි අගය අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගමට හැකි වී තිබේ.

Stakeholder Engagement

- පාර්ශවලාභීන් හා බැඳී කටයුතු කිරීම -

ආර්ථික බලගන්වන්නන් අතර අපි, අපගේ ප්‍රධාන පාර්ශවලාභීන් සමඟ ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහාත්, ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහාත් විශිෂ්ටතම මූල්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන් නිරන්තරව ඔවුන් හා එක්ව කටයුතු කරන්නෙමු. අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, නියාමකයන්, ව්‍යාපාරික හවුල්කරුවන් මෙන්ම දේශීය ජන ප්‍රජාව ද ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් තුළ මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායික කර්තව්‍යයන් අතර ද වටිනාකමක් ආරෝපණය වන ආකාරයේ නිරතුරුව සිදු වන සංවාදය කෙරෙහි අපි විශ්වාසය තබා සිටින්නෙමු.