නවමු පුවත්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

Siyapatha Finance expands islandwide network with  opening of 55th branch in Ambalangoda

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 55 වැනි ශාඛාව පසුගියදා අම්බලන්ගොඩ නගරයේදී විවෘත කෙරිණ. දිරියෙන් ඉදිරියට යන්නට වෙර දරන එකිනෙකට වෙනස් මූල්‍ය අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවක් ලබාදීමෙහිලා දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් ශාඛා ජාලය මෙම නවතම අම්බලන්ගොඩ ශාඛාවත් සමග තවදුරටත් ශක්තිමත්ව ඇත.

අම්බලන්ගොඩ ගාලූ පාරේ අංක 29 දරණ ස්ථානයේ සියපත ෆිනෑන්ස් පීඑල්සී නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් ජයනාත් ගුණවර්ධන මහතා, ශ‍්‍රියානි රණතුංග මහත්මිය සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක, අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් හසන්ති නිරෝෂනී මහත්මිය, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක රණවීර මහතා, ග‍්‍රාම නිලධාරී හංස කුමාර ද සිල්වා මහතා, වෙළෙඳ සංගමයේ සභාපති සරත් ද සිල්වා මහතා යන මහත්ම මහත්මීන් ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

අම්බලන්ගොඩ නගරයට එම නාමය යෙදීම පිළිබඳ විවිධ මත කිහිපයක් පවතියි. ඉතිහාසඥ ඞී. ඩබ්ලිව්. ෆර්ගියුසන් මහතාගේ වාර්තා අනුව ”අම්බලම් ගොඩක් ඇති ගම අම්බලන්ගොඩ” වූ බව සඳහන් අතර ජනප‍්‍රවාදයන්ට අනුව මුහුදේ අතරමංවූ නාවිකයන් පිරිසක් ගොඩබැසීමට ගොඩබිමක් සොයද්දී ”ආන් බලන් ගොඩ” යනුවෙන් පැවසූ නිසා පසුකාලීනව අම්බලන්ගොඩ යැයි නම යෙදුනේ දැයිද විශ්වාසයක් පවතියි.

ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් අම්බලන්ගොඩ ස්වභාව සෞන්දර්යයෙන් හා සංස්කෘතික වටිනාකම් රැසකින් අගතැන්පත් නගරයකි. වෙස්මුහුණු සහ රූකඩ කලාව සඳහා ලොව සුපතල අම්බලන්ගොඩ දිනෙන් දින වර්ධනය වන සංචාරක ව්‍යාපාරයකටත් ධීවර කර්මාන්තයටත් ප‍්‍රසිද්ධියක් උසුලයි. අම්බලන්ගොඩ නගරාශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙයි. මේ අනුව අම්බලන්ගොඩ මූල්‍ය සේවා සඳහා සුදුසුම වෙළෙඳපොළක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුනාගනිමින් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ නගරයේ ස්ථාපිත කොට තිබේ.

මේ අනුව අම්බලන්ගොඩ මූල්‍ය සේවා සඳහා සුදුසුම වෙළෙඳපොළක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුනාගනිමින් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ නගරයේ ස්ථාපිත කොට තිබේ.

අම්බලන්ගොඩ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් ”අම්බලන්ගොඩ නගරයේ මිශ‍්‍ර ආර්ථික වටපිටාව නිසා දියුණුවන්නට කැමති කාටත් වටිනා අවස්ථා රැසක් උදාව තිබෙනවා. දකුණු පළාතේ ගනුදෙනුකාරභවතුන්ට පහසුවෙන් පැමිණ මූල්‍ය සේවා ලබාගැනීමට හැකිවෙන ආකාරයට අපේ ශාඛා ජාලය නව අම්බලන්ගොඩ ශාඛාව සමග ශක්තිමත් වෙනවා. ඔබේ මූල්‍ය අවශ්‍යතාව කුමක් වුවත් සියපත ෆිනෑන්ස් වෙතින් නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාගෙන ඔබේ ජීවන තත්ත්වය උසස් කරදීමට අපගේ කාර්ය මණ්ඩලය සූදානම්!” යැයි පැවසීය.

සේවා අංශයේ ප‍්‍රමුඛතම දායකත්වයත්, කෘෂිකර්මාන්තයේ හා කාර්මික අංශයේ සහයෝගයත් මත ගොඩනැගුන අම්බලන්ගොඩ නගරයේ ආර්ථික ව්‍යුහය අනුව පහසුවෙන් ලඟාවිය හැකි නම්‍යශීලීත්වයෙන් යුතු නව්‍යකරණය වූ මූල්‍ය සේවාවන් සඳහා ඉහළ ඉල්ලූමක් නිර්මාණය වී තිබේ.

..

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය, ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා ලීසිං පහසුකම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම් මෙන්ම තිරසර සංචාරක ව්‍යාපාරය හා කෘෂිකර්මාන්තය සඳහා හරිත මූල්‍ය විසඳුම් (green financing) හඳුන්වාදෙමින් සියපත ෆිනෑන්ස් එම මූල්‍ය වෙළෙඳපොළ තුල සිය අනන්‍යතාව තහවුරුකරගැනීමට සමත්ව සිටියි.

සියපත ෆිනෑන්ස් අම්බලන්ගොඩ ශාඛාව හා සම්බන්ධ වීමට 0917605235 අංකයට අමතන්න, නැතහොත් අංක 29, ගාලු මාවත, අම්බලන්ගොඩ පිහිටි කාර්යාලයට පැමිණෙන්න.