සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියපොළ පාරේ අංක 134 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, හෝමාගම සහකාර පොලිස් අධිකාරී හසංග රන්දික වෙදමුල්ල, හෝමාගම පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත, වෙළෙඳ සංගමයේ සභාපති, මාගම්මන මහ විද්‍යාලයේ විදුහල්පතිනිය කේ. පද්මලතා යන මහත්ම මහත්මීන් ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් දැන් ප්‍රදේශවාසී ජනතාවට ලබාගත හැකිය.
වර්ග කිලෝමීටර 137 ක පමණ භූමි ප්‍රදේශයක් සහිත ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් වාර්තා වන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ලෙස හෝමාගම කැපී පෙනේ. සීඝ්‍රයෙන් සංවර්ධනය වන සහ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඇඟලුම් කර්මාන්තය, මෝටර් රථ සේවා, දේපළ සංවර්ධනය සහ කුලී සේවා ඇතුළු එකිනෙකට වෙනස් විවිධ ව්‍යාපාර හා ව්‍යවසායක ක්ෂේත්‍ර රැසක් ව්‍යාප්තව ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම විශාල ව්‍යාපාර හා කර්මාන්ත ශාලා රැසක් හෝමාගම ප්‍රදේශයේ සිට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ක්‍රියාත්මක වේ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ලෙස හෝමාගම ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “කොළඹ දිස්ත්‍රික්කයේ සුවිශේෂී නගරයක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා දකුණු පළාතට ගමනාගමන පහසුකම් සලසා ගත හැකි කේන්ද්‍රස්ථානයක් විදිහට හෝමාගම කැපී පෙනෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් ක්‍රියාත්මක වෙන හෝමාගම ආශ්‍රිතව සිටින ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, විවිධ වෘත්තිකයන් ඇතුළු පවුලේ සැමට සරිලන විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසක් සියපත ෆිනෑන්ස් හෝමාගම ශාඛාවෙන් ලබාගත හැකිය. විශේෂයෙන්ම හෝමාගම ජනගහනයෙන් 51% ක් වූ කාන්තා ප්‍රජාව සවිබලගන්වමින් කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලන්නට විශේෂ වැඩපිළිවෙලක් දියත්කොට තිබෙනවා.” යැයි පැවසීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ හෝමාගම නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් හෝමාගම නගරය ආශ්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. තවද මාගම්මන මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ
2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. තවද K Seeds Investments (Pvt) Ltd විසින් 2024 ජූනි මස 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය කාර්තුව සම්බන්ධයෙන් මෙරට බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් පිළිබඳ සිදුකළ පුළුල් මූල්‍ය විශ්ලේෂණය අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී 02 වැනි කාණ්ඩයේ “ඉහළම කාර්යසාධනය වාර්තා කළ මූල්‍ය ආයතනය”(Best Performing Finance Company) ලෙස වාර්තාගතව ඇත.
Established in 2005 and regulated by the Central Bank of Sri Lanka (CBSL), Siyapatha Finance has garnered and secured a reputation as a premier leasing company, renowned for its commitment to excellence and customer-centric financial solutions. With a dedicated team of over 950 professionals, the company has expanded its footprint to encompass 52 branches strategically located across key urban centers and towns.
සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 950 කට අධික මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග උතුරු හා නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 51 කට අධික දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත
K Seeds Investments (Pvt) Ltd විසින් මෑතකදී සිදු කරන ලද පුළුල් මූල්‍ය විශ්ලේෂණයකදී, සියපත ෆිනෑන්ස් PLC සමාගම 30 වසරෙන් අවසන් වූ කාර්තුව සඳහා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතර 2 වන කාණ්ඩයේ “හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම” ලෙස ශ්‍රේණිගත කරන ලදී.th පිරිනමා ඇත
හෝමාගම, දුම්රියපොළ පාරේ අංක 134 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ 0117605535 දුරකතන අංකයෙන් හෝ www.siyapatha.lk වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය
For more information, please contact Siyapatha Finance Homagama branch at 134, Station Road, Homagama on 117605535 or visit www.siyapatha.lk.



