දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් සමග මුළු දිවයිනම ආවරණය කළ 20 වසරක අභිමානවත් මූල්‍ය සේවා මෙහෙවර උතුරු පළාතේ තවදුරටත් ශක්තිමත් කරමින් සියපත ෆිනෑන්ස් පීඑල්සී 58 වැනි ශාඛාව මන්නාරම නගරයේ දැන් විවෘතව ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී මන්නාරම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සහ ප‍්‍රධාන විධායක නිලධාරී සියපත ෆිනෑන්ස් පීඑල්සී මන්නාරම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සහ ප‍්‍රධාන විධායක නිලධාරී (Designate) මතීෂ හේවාවිතාරණ මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ග‍්‍රාමනිලධාරීනී මාරි ඇන්ටනීට් මහත්මිය ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ. මතීෂ හේවාවිතාරණ මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ග‍්‍රාමනිලධාරීනී මාරි ඇන්ටනීට් මහත්මිය ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරයේ පිහිටි මන්නාරම දිස්ත‍්‍රික්කයට අයත් මන්නාරම අර්ධද්වීපය ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම සියවස් ගණනාවක් ඉපැරණි සංස්කෘතික වටිනාකම් රැසකින් අගතැන්පත් ය. හාත්පස සිසාරා විහිදුන තල් ගස් යාය පෙරටු කරගත් වනාන්තර හා කඩොලාන ශාඛ පද්ධතිය නිසා ජෛව විවිධත්වයෙන් අනූන වූ මන්නාරම දූපතේ මන්නාරම නගරය පිහිටා ඇත.
නගරාශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙයි. බහුතර ජනතාව කෘෂිකර්මාන්තය පෙරදැරි කරගත් ජීවන රටාවකට හුරුව සිටින අතර වී ගොවිතැන හා සරුසාර පොල් වතු මන්නාරම ගොවීන්ගේ අතමිට සරුකරවයි. ධීවර කර්මාන්තයද මන්නාරම වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපායකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් ද මන්නාරාම කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතු සිදුකරති. සුළං සහ සූර්ය ශක්තිය අධික වශයෙන් පවතින කලාපයක් හෙයින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ නව ව්‍යවසායකයන් නිර්මාණය වෙමින් පැවතීම මන්නාරම ආශ‍්‍රිතව දැකිය හැකි නව ප‍්‍රවනතාවයකි. මේ අනුව එකිනෙකට වෙනස් මූල්‍ය අවශ්‍යතා සහිත ජනතාවක් වෙසෙන මන්නාරම නගරය මූල්‍ය සේවා සඳහා සුදුසුම වෙළෙඳපොළක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුනාගනිමින් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 58 වැනි ශාඛාව මන්නාරම නගරයේ ස්ථාපිත කොට තිබේ. දිරියෙන් ඉදිරියට යමින් නැගී සිටින්නට වෙර දරන මන්නාරම ජනතාවට විශ්වාසනීය මූල්‍ය උපදේශකත්වයක් සපයමින් පහසු හා නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාදෙන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම මන්නාරම ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ෆැක්ටරින්,fast draft සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සම`Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් ”සම්පත් රැසක් තිබෙන උද්‍යෝගිමත් ජනතාවක් සිටින මන්නාරම නගරයට අපගේ නවතම ශාඛාව රැගෙන එන්නට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා. දිනෙන් දින වෙනස්වෙන ලෝකයේ කාලයේ තාලයට ගැලපෙන්න මන්නාරම වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට ඇපකැපවූ සියපත ෆිනෑන්ස් පළපුරුදු සුහද කාර්ය මණ්ඩලය මෙතැන් සිට ඔබේ ජයග‍්‍රහණයට මගපෙන්වාවි.” යැයි පැවසීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ ”සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ මන්නාරම නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප‍්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් ශාන්ත ලූසියා මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලද අතර ප‍්‍රදේශයේ ඉගෙනුම ලබන පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා අධ්‍යාපනික උපාංග පරිත්‍යාගයන් ද ඒ හා සමගාමීව සිදුකෙරිණ. මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ‍්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප‍්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත
සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.
මන්නාරම සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 023 7583605 අමතන්න,
නැතහොත් අංක 122, මහ වීදිය, සින්න කෙඩෙයි, මන්නාරම යන ස්ථානයේ පිහිටි ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩි විස්තර සඳහා අඅඅගිසහ්ච්එය්ගකන වෙබ් අඩවියට පිවිසෙන්න.
..
.



