සියපත ෆිනෑන්ස් සමාගම ඔවුන්ගේ තවත් සේවා සැපයුම් ශාඛාවක් කොහුවලදී විවෘත කළ අතර එය සමාගමේ අඛන්ඩව පුළුල්වන ජාලයේ 36 වැනි ශාඛාව බවට පත්විය.
එහි විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා එම සමාගමේ අභිනවයෙන් පත්වූ සභාපතිවරයා වන සුමිත් කුමාරණතුංග මහතා සහභාගි වූ අතර ඔහු නව ධුරයට පත්වීමෙන් අනතුරුව විවෘත කළ පළමු ශාඛාවද මෙයයි. ඔහු සමඟ සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනවිරත්න මහතා, සියපත ෆිනෑන්ස් හි අධ්යක්ෂවරුන් වන ශ්‍රියානි රණතුංග මහත්මිය සහ ජයන්ත ගුණවර්ධන මහතා මෙන්ම අනෙකුත් සම්භාවනීය අමුත්තන් හා ගණුදෙනුකරුවන් විශාල පිරිසක්ද සහභාගි විය.
එම ප්‍රදේශයේ අවට සිටින සියපත ෆිනෑන්ස් ගණුදෙනුකරුවන් බොහෝ පිරිසකට පහසුවෙන් සේවා සැපයුමට හැකිවන අයුරින් කොහුවල, එස්. ද. එස්. ජයසිංහ මාවතේ අංක 69, 69 1/1 යන ස්ථානයේ මෙම ශාඛාව පිහිටා තිබේ. කොහුවල යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ නගරයක් වන අතරම ශ්‍රී ලංකාවේ රථ වාහන වෙළඳාමේ ප්‍රධානම ස්ථානයකි. තවද කොහුවල යනු කලබලකාරී නගරයක් මෙන්ම නුගේගොඩ, දෙහිවල සහ පිළියන්දල යන ප්‍රධාන නගර සම්බන්ධ කරන ප්‍රධාන මංසන්ධියකි. එමෙන්ම කොහුවල නගරය ප්‍රධාන ව්‍යාපාර හා නේවාසික ප්‍රදේශයක් බවට ක්‍රමක්‍රමයෙන් විකාශනයට පත්වන නගරයකි. එබැවින් සියපත ෆිනෑන්ස් හි ආගමනය බොහෝ ආයතනවල සහ කොහුවල හා අවට ප්‍රදේශවල සිටින පදිංචිකරුවන්ගේ පුද්ගලික මූල්‍ය අවශ්‍යතා සඳහා රුකුලක් වනු ඇත.
නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ‘කොහුවල පිහිටා ඇති අපගේ 36 වැනි ශාඛාව විවෘත කිරීම පිළිබඳ අපි සාඩම්බරයට පත්වෙනවා. සියපත ෆිනෑන්ස් යනු ගනුදෙනුකරුවන්ගේ පහසුව වැදගත් සාධකයක් ලෙස සලකන සමාගමක්. පුළුල් ශාඛා ජාලයකට හිමිකම් කීම එම සාධකය පවත්වාගෙන යෑමේ එක් පියවරක්’ යනුවෙන් පැවැසීය.
සියපත ෆිනෑන්ස් කොහුවල ශාඛාව මඟින් ගනුදෙනුකරුවන්ට ලීසිං, රන් ණය, ෆැක්ටරින්, ඉතුරුම් ගිණුම් හා ස්ථාවර තැන්පතු යන සියලුම ආකාරයේ මුල්‍ය සේවාවන් හිමිවනු ඇත.
සියපත ෆිනෑන්ස් යනු ශ්‍රී ලංකාව පුරා විහිදුනු ශාඛා ජාලයකට හිමිකම් කියන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයකි. ප්‍රජාවන්ට තම ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපකාර කිරීමේ පරමාර්ථය පෙරදැරිකරගෙන කටයුතු කරන මෙම සමාගම අඛණ්ඩ ව්‍යාප්තිය වෙනුවෙන් කැපවී සිටින අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව උත්සාහයන් සහ පුද්ගල මූල්‍ය අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබාදී තිබේ. සම්පත් බැංකු සමූහයේ පූර්ණ හිමිකාරිත්වය හිමි විශාලතම අනුබද්ධිත ආයතනය වීම තුළින් සියපත ෆිනෑන්ස් සමාගම දැවැන්ත ශක්තියකට හා ආරක්ෂාවකට උරුමකම් කියයි.
"සියපත ෆිනෑන්ස් - විශ්වාසය සහතිකයි."