නවමු පුවත්

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරයට

Siyapatha Finance Opens 54th Branch in Dynamic City of Kaduwela

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මහතා, අධ්‍යක්ෂිකා ශ‍්‍රියානි රණතුංග මෙනෙවිය සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, කඩුවෙල සහකාර පොලිස් අධිකාරී එස්. ඒ. ආර්. සමරනායක, කඩුවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ, වෙළෙඳ සංගමයේ සභාපති නිශාන්ත ගුරුගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මහතා, අධ්‍යක්ෂිකා ශ‍්‍රියානි රණතුංග මෙනෙවිය සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, කඩුවෙල සහකාර පොලිස් අධිකාරී එස්. ඒ. ආර්. සමරනායක, කඩුවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ, වෙළෙඳ සංගමයේ සභාපති නිශාන්ත ගුරුගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ. සියපත ෆිනෑන්ස් පීඑල්සී කඩුවෙල ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ෆැක්ටරින්,fast draft සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමග Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව දැන් කඩුවෙල ප‍්‍රදේශ වාසී ගනුදෙනුකාරභවතුන් වෙත ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නවතම කඩුවෙල ශාඛාව පිළිබඳ අදහස් දක්වමින් ”කොළඹ දිස්ත‍්‍රික්කයේ වේගවත් සමාජ ආර්ථික දියුණුවක් පෙන්වන සුවිශේෂී නගරයක් වන කඩුවෙල නගරයට සියපත ෆිනෑන්ස් සේවා රැගෙන ඒමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් අලූතෙන් ව්‍යාපාර ආරම්භ කළ අයටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත් මෙන්ම කඩුවෙල ආශ‍්‍රිත ආයතන රැසක සේවයේ නියුතු අති විශාල සේවක සේවිකා පිරිසටත් තම තමන්ගේ මූල්‍ය අවශ්‍යතා අනුව ගැලපෙන නම්‍යශීලී හා වේගවත් මූල්‍ය විසඳුම් ලබාගැනීමට තිබූ දැඩි අවශ්‍යතාව අප හඳුනාගත් නිසා 54 වැනි ශාඛාව කඩුවෙලට රැගෙන ආවා. අපගේ හරිත මූල්‍ය සේවා විසඳුම් සහ සමාජ සත්කාරක ව්‍යාපෘති හරහා කඩුවෙල ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් උසස් තත්ත්වයකට රැගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. හොඳම මූල්‍ය සේවාවක් සමග කඩුවෙල ජනතාවගේ දියුණුවට අතහිත දීමට හොඳම කාර්ය මණ්ඩලයක් සමග සියපත ෆිනෑන්ස් අප සූදානම්.” යැයි පැවසීය.

සීතාවක රාජධානියේ මායාදුන්න රජු සහ පළමුවන රාජසිංහ රජු පෘතුගීසීන්ට විරුද්ධව යුද්ධ කළ ස්ථානයේ වෙල් යාය ”පරංගි කඩු ගෑ වෙල” ලෙස ජනප‍්‍රවාදයේ පැමිණ පසුව ”කඩු ගෑ වෙල” වී පසුව ”කඩුවෙල” ලෙස වෙනස් වී මෙම නගරයට කඩුවෙල ලෙස නම ලැබී ඇත. උතුරින් කැලණි ගංගා මිටියාවතේ සරුසාර බිම් වලින්ද, දකුණෙන් දියවන්නා වැවටද මායිම්ව පිහිටි කඩුවෙල නගරය බස්නාහිර පළාතේ දෙවන විශාලතම නගරය ලෙස කැපීපෙනෙයි.

ජල මූලාශ‍්‍ර හා වගුරුබිම් නිසා ස්වභාවිකවම ආරක්ෂිත පරිසරයක් බවට පත්ව තිබෙන කඩුවෙල පසුගිය දශකය තුළ වේගයෙන් සංවර්ධනය වූ අතර නාගරික ජීවන රටාවත් ග‍්‍රාමීය ජීවන රටාවත්, වෙන් වෙන් වශයෙන් දැකගත හැකි වටපිටාවකින් සමන්විතය.

දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගත් ප‍්‍රමුඛ නගරයක් වන කඩුවෙල, කේන්ද්‍ර කරගනිමින් විවිධ කර්මාන්ත හා සේවා ආයතන රැසක් පිහිටා තිබේ.

තොරතුරු තාක්ෂණ හා ඊඡුධ සේවා, තොග සහ සිල්ලර වෙළෙඳාම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා සහ මූල්‍ය සේවා ආයතන රැසක් මෙන්ම කාර්මික අංශයේ කර්මාන්ත ශාලා කලාපයේ ආර්ථික දියුණුව ඇතිකරමින් දැවැන්ත ශ‍්‍රම බලකායක් කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී තිබේ.

සීතාවක රාජධානියේ අතීත ශ්‍රී විභූතිය සිහිගන්වමින් සරුසාර වී ගොවිතැන පෙරටු කොටගෙන පොල්, රබර්, පළතුරු සහ එළවලූ වගාවන් නවගමුවේ සිට ඔරුවල සහ අතුරුගිරිය දක්වා ව්‍යාප්ත වී ඇත. එම අස්වනු දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය සඳහාද යොමුකෙරේ.

නවතම ශාඛාව සමඟ සම්බන්ධ වීමට 0117 450 625 අංකයට අමතන්න, නැතහොත් අංක 585, අවිස්සාවේල්ල පාර, කඩුවෙල පිහිටි කාර්යාලයට පැමිණෙන්න.