සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, මූල්‍ය සමාගමක ස්ථාවරත්වය පෙන්නුම් කෙරෙන ප‍්‍රමුඛතම කාර්ය සාධක දර්ශක අභිබවා යමින් 2024 මූල්‍ය වර්ෂය සඳහා සුවිශේෂී ස්ථාවර මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. සියපත ෆිනෑන්ස් පීඑල්සී ඉතිහාසයේ ඉහළම වාර්ෂික බදු පසු ලාභය ලෙස මෙය වාර්තාවන්නේ තිරසර ආයතනික වර්ධනයක් මධ්‍යයේ සියළු පාර්ශ්වකරුවන්ට වටිනාකම් රැසක්ද එක්කරමිනි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 වසර අවසානය සඳහා රුපියල් මිලියන 4,534 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර, එය 2023 වසරේ වාර්තා කළ රුපියල් මිලියන 3,121 සිට සලකා බැලීමේදී සැලකිය යුතු වර්ධනයකි. මෙම ආදායම් වර්ධනය සියපත ෆිනෑන්ස් පීඑල්සී සතු පොලී උපයන වත්කම් ප‍්‍රශස්ත කිරීමේ හැකියාව සහ වෙළඳපොළ උච්චාවචනයන් මධ්‍යයේ ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් පවත්වා ගැනීමේ හැකියාව තහවුරු කොට ඇත. තවද ශුද්ධ පාරිතෝෂික සහ කොමිස් ආදායම වශයෙන් 2023 වසරේ වාර්තා කළ රුපියල් මිලියන 328 අගය 2024 වසර වන විට රුපියල් මිලියන 346 දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් සියපත ෆිනෑන්ස් පීඑල්සී පොලී නොවන මූලාශ‍්‍ර ඔස්සේ උත්පාදනය කරනු ලැබූ ස්ථාවර ආදායම් තත්ත්වය පෙන්නුම් කරයි. එමෙන්ම උපාය මාර්ගික විවිධාංගීකරණ විසඳුම් ඇතුළුව සමාගම සතු වෙනත් මෙහෙයුම් ආදායම ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන්නේ පෙර වසරේ වාර්තා කළ රුපියල් මිලියන 601 අගය 2024 වසර වන විට රුපියල් මිලියන 1,097 ක් දක්වා ඉහළ යාමත් සමගය.
2024 වසරේදී මූල්‍ය සේවා මත බදු අය කිරීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 2,908 ක් ලෙස සටහන් වූ අතර, එය 2023 වසරේ වාර්තා කළ රුපියල් මිලියන 1,677 ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ශක්තිමත් මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ සුපරික්ෂාකාරී පිරිවැය කළමනාකරණය මෙම සුවිශේෂී කාර්යසාධනයට දායකව ඇත.
2023 වසරේදී රුපියල් මිලියන 710 ක්වූ වාර්ෂික ලාභය 2024 වසරේදී රුපියල් මිලියන 1,203 ක් දක්වා වර්ධනය වී තිබීම ලාභය උදෙසා සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් අඛණ්ඩව අනුගමනය කළ තිරසර ප‍්‍රයත්නයන් පිළිබිඹු කරයි. සියපත ෆිනෑන්ස් පීඑල්සී සතු ශක්තිමත් මූල්‍ය පදනම 2024 වසර වන විට තවදුරටත් තහවුරු කරමින්, 2024 වසර සඳහා සමස්ත ආදායම රුපියල් මිලියන 1,208 දක්වා ඉහළ ගොස් ඇත්තේ 2023 දී වාර්ථා කළ රුපියල් මිලියන 714 අගය පසුකොට යමිනි.
2023 වසරේ වාර්තා කළ රුපියල් මිලියන 46,240 අගය 2024 වසර වන විට මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් මිලියන 59,709 දක්වා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ සියපත ෆිනෑන්ස් පීඑල්සී ශේෂ පත‍්‍රය ශක්තිමත් ලෙස පවත්වාගනිමිනි. මෙම වර්ධනයත් සමඟ පසුගිය වසරේ රුපියල් මිලියන 38,994 ලෙස පැවැති මුළු බැරකම් (total liabilities) ප‍්‍රමාණය 2024 වන විට රු. 51,256 මිලියන දක්වා ඉහළ ගොස් ඇත. සියපත ෆිනෑන්ස් පීඑල්සී සතුව 2023 දී රුපියල් මිලියන 7,247 ලෙස පැවැති මුළු ප‍්‍රාග්ධන ප‍්‍රමාණය 2024 දී රුපියල් මිලියන 8,453 දක්වා වැඩි කිරීමෙන් එහි ප‍්‍රාග්ධන තත්ත්වය ද ශක්තිමත් කර ඇත. පසුගිය වසරට සාපේක්ෂව ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ද සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ මුළු බැරකම් වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණි. මෙම සාධනීය වර්ධනය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ
ශක්තිමත් මූල්‍ය නායකත්වය, විශිෂ්ටත්වය උදෙසා ඇති කැපවීම, ගනුදෙනුකරුවන් සියපත ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය සේවාව කෙරෙහි තබා ඇති විශ්වාසය සහ සමාගම විසින් ගනුදෙනුකරුවන් කෙරෙහි පිරිනැමූ පූර්ණ රහස්‍යභාවය සුරැකි හෘද්‍යාංගම සේවාව වේ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී ශ‍්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ වාර්තා කළ මෙම සුවිශේෂී ජයග‍්‍රහණ සමඟ, සමාගමේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය, උපායමාර්ගික දුරදර්ශීභාවය සහ තිරසර වර්ධනය උදෙසා ඇති අඛණ්ඩ කැපවීම වඩාත් සනාථ කරයි. ශ‍්‍රී ලාංකීය මූල්‍ය සේවා සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් ලෙස කැපීපෙනෙන සියපත ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා මෙන්ම අනාගත අභියෝග පිළිබඳ අවධානය යොමුකරමින් තම සේවා සංස්කෘතිය පවත්වාගෙන යනු ලබයි.
..
වැඩි විස්තර සඳහා ආයතනික වෙබ් අඩවියට පිවිසෙන්න www.siyapatha.lk

