පාරිභෝගික ජනතාවට සුහදශීලී මුල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වෙළඳපොලේ කීර්තිමත් නාමයක් හිමිකරගෙන සිටින, සම්පත් බැංකුවට පුර්ණ අනුබද්ධිත මුල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පී එල් සී සමාගමේ නවතම ශාඛාව නොබෝදා සුභ මොහොතින් පිළියන්දල නගරයේදී විවෘත කරන ලදී.
නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට ආරාධිත අමුත්තා වශයෙන් සියපත ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය දිලන්ජන් සොයිසා මහතා සහභාගී වූ අතර සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සමන් හේරත් මහතා හා සමාගමේ ජේ්‍යෂ්ඨ කළමනාකාර මණ්ඩලය ඇතුළු පාරිභෝගික මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඉහල ජනාකීර්ණ නගරයක් වන පිළියන්දල නගරයට සියපත ෆිනෑන්ස් සමාගමේ ආගමනය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවටත් , සාමාන්‍ය ජනතාවටත් ලීසිං , ව්‍යාපාරික ණය , රන්ණය, ෆැක්ටරින්, දේපල ණය, ස්ථාවර තැන්පතු ඇතුළු මුල්‍ය සේවා ලබා ගැනීමෙහිලා නව බලාපොරෝත්තුවක් ජනිත කරවීමට සමත්වනු ඇති බව සියපත සමාගමේ විශ්වාසයයි.
සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සමන් හේරත් මහතා නව ශාඛා පරිශ්‍රය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් ”සියපත ෆිනෑන්ස් පිළියන්දල ශාඛාව අපගේ පාරිභෝගික කේන්ද්‍රීය මුල්‍ය සේවා මෙහෙවරේ තවත් එක් සන්ධිස්ථානයක්. ජනතා විශ්වාසය දිනූ සම්පත් බැංකු සමුහයේ ශක්තිය හා ස්ථාවරත්වය සියපත ෆිනෑන්ස් වෙත ද එලෙසම පවතිනවා එමෙන්ම පිළියන්දල නව ශාඛවෙන් ලීසිං , ව්‍යාපාරික ණය , රන්ණය, ෆැක්ටරින්, දේපල ණය, ස්ථාවර තැන්පතු ඇතුළු මුල්‍ය සේවා පහසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමට හැකි බවත් ඊට ගැලපෙන තරුණ සේවක මඩුල්ලක් පිළියන්දල ශාඛාව සතු බවත් ප්‍රකාශ කළේය”.
සම්පත් බැංකු සමුහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් සමාගම මෙරට මුල්‍ය වෙළඳපොල තුල සිය සේවා ආරම්භකර ගතවූ වසර 13ක කාලය තුල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මුල්‍ය සේවා සම්පාදනය හරහා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි. සියපත ෆිනෑන්ස් නව ශාඛාව පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 605 0605 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.
"සියපත ෆිනෑන්ස් - විශ්වාසය එලෙසමයි."