නවමු පුවත්

සියපත ෆිනෑන්ස් 59 වැනි ශාඛාව මිනුවන්ගොඩ නගරයේ දැන් විවෘතයි

Siyapatha Finance Unveils 59th Branch in Minuwangoda

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 59 වැනි ශාඛාව ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් මිනුවන්ගොඩ නගරයේ විවෘත කොට ඇත.

සියපත ෆිනෑන්ස් මිනුවන්ගොඩ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප‍්‍රධාන විධායක නිලධාරී (Designate) මතීෂ හේවාවිතාරණ, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා යන මහත්වරුන් සහ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ප‍්‍රාදේශීය ලේකම් යූ. ඩබ්ලිව්. ටී. යූ. රාජකරුණා මහත්මිය, සහකාර ප‍්‍රාදේශීය ලේකම් වයි. ඒ. දිසානායක මහත්මිය, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා, ග‍්‍රාම නිලධාරී සමන්ත මහතා, වෙළෙඳ සංගමයේ සභාපති චමින්ද සිල්වා මහතා ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

මීගමුව නගරයට කිලෝමීටර් 15ක් නැගෙනහිරින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සහ කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට යාබදව පිහිටි මිනුවන්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් අපනයන සැකසුම් කලාපයක්ද නිර්මාණය වී තිබේ. මිනුවන්ගොඩ අපනයන සැකසුම් කලාපයේ දෙස් විදෙස් අයෝජකයන් නිර්මාණය කළ කර්මාන්ත ශාලා රැසක් තුලදී ලෝහ ආශ‍්‍රිත නිෂ්පාදන, ලී ආශ‍්‍රිත නිෂ්පාදන, ඇඟළුම් සහ රෙදිපිළි, සැකසූ ආහාර, රථවාහන යන්ත‍්‍ර සූත‍්‍ර අමතර කොටස් යනාදී නිෂ්පාදන රැසක් නිර්මාණය කෙරේ. ගැමි සුන්දරත්වයත් නාගරික සංකීර්ණත්වයත් එකිනෙක මිශ‍්‍ර වූ මිනුවන්ගොඩ මිශ‍්‍ර ආර්ථික ක‍්‍රියාකාරකම් රැසක් සහිත නගරයකි. මේ සියල්ල සමග නේවාසික බිම් කොටස් පිළිබඳ දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ පිබිදීමක් සහිත නගරයක් බවට ද මිනුවන්ගොඩ පත්ව තිබේ. මිනුවන්ගොඩ නගරාශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙන අතර සේවා අංශයේ රැකියා හා කර්මාන්ත ආශ‍්‍රිත රැකියාවන් ප‍්‍රමුඛ කොටගෙන ඇත.

මිනුවන්ගොඩ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් “දියුණු කර්මාන්ත ශාලා රැසක්, සේවා අංශයේ ව්‍යාපාර රැසක් සමග දියුණුවෙමින් ජනාකීර්ණ වූ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තයත් එක්ක බැඳුන උපසංස්කෘතියටද හිමිකම් කියනවා. මිනුවන්ගොඩ නගරයේ මිශ්‍ර ආර්ථික වටපිටාව නිසා දියුණුවන්නට කැමති කාටත් වටිනා අවස්ථා රැසක් උදාව තිබෙනවා. ඔබේ මූල්‍ය අවශ්‍යතාව කුමක් වුවත් සියපත ෆිනෑන්ස් වෙතින් නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාගෙන ඔබේ ජීවන තත්ත්වය උසස් කරදීමට අපගේ කා ර්ය මණ්ඩලය සූදානම්!” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම මිනුවන්ගොඩ ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ෆැක්ටරින්, fast draft සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමඟ Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ කලහුගොඩ මඩවල ඒකාබද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස ස්මාට් පන්ති කාමරයක් සඳහා වන අධ්‍යාපනික තාක්ෂණික උපාංග පරිත්‍යාගය සිදුකෙරිණ.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුවA (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.

මිනුවන්ගොඩ සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 0114449625 අමතන්න, නැතහොත් අංක 14, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ ලිපිනයේ පිහිටි ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩි විස්තර සඳහා www.siyapatha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

... www.siyapatha.lk to learn more about services.