සිය ඩිජිටල් පරිණාමයේ ශක්තිය සහ විශිෂ්ටත්වය යළිත් පිළිබිඹු කරමින් සියපත ෆිනෑන්ස් සමාගම 2021 Infosys Finacle Innovation සම්මාන උළෙලේදී Transformation Excellence සම්මානයෙන් පිදුම් ලැබුවේය. Finacle මෘදුකාංගය යටතේ ඩිජිටල් ලීසිං මෙහෙයුම් දියත් කළ මෙරට ප්‍රථම මුල්‍ය ආයතනය ලෙස සියපත ෆිනෑන්ස් ඉතිහාසයට එක්වන අතර එමගින් සිය පාරිභෝගික පදනමට කාර්යක්ෂම සහ වඩාත් කඩිනම් සේවාවක් පිරිනැමීමට හැකි වී තිබේ.
"Infosys වැනි කීර්තිමත් ගෝලීය වේදිකාවකදී අපගේ කැපවීම ඇගයුමට ලක්වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. අපගේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම තුළ අප අඛණ්ඩව අත්කරගෙන ඇති සාර්ථකත්වයත්, අපගේ තොරතුරු තාක්ෂණ යෙදවුම් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා අප දැක්වූ කැපවීමත් මෙමගින් මනාව පිළිබිඹු වනවා. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව සේවා හඳුන්වා දීමට ප්‍රමුඛතාව ලබාදීම සමාගමේ ඩිජිටල් ක්‍රමෝපායික සැලසුමයි. අපේක්ෂා අභිබවමින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම සඳහා තාක්ෂණය බලවේගයක් ලෙස අප යොදා ගන්නා අතර, මෙම නව ඩිජිටල් ලීසිං මෙහෙයුම් ක්‍රියාවලිය දියත් කිරීමත් සමග පාරිභෝගිකයින් හට පෙරටත් වඩා වැඩි පහසුවක් හිමිකර දීමට අපට හැකි වී තිබෙනවා," යනුවෙන් සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
පාරිභෝගිකයින් වෙත පිරිනමන ඩිජිටල් සේවා පුළුල් කිරීම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කරන සමාගමක් ලෙස සියපත ෆිනෑන්ස් සමාගම, නවීනත ම තාක්ෂණික ක්‍රමවේද හරහා භාවිතය පහසු විසඳුම් ලබා දීමට අඛණ්ඩව නවෝත්පාදන සිදු කරයි. Infosys ආයතනය විසින් ගොඩනගන ලද මූලික බැංකුකරණ පද්ධතිය යොදා ගනිමින්, වැඩිදියුණු කළ මුල්‍ය සේවා පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සියපත ෆිනෑන්ස් සමාගමට වැඩි අවස්ථාවක් හිමි වී ඇත.
"Infosys Finacle Client Innovation සම්මාන උළෙලේදී ඇගයුමට ලක්වීම සියපත ෆිනෑන්ස් සමාගම ගෞරවයක් සේ සලකනවා. සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මුල්‍ය ආයතනයක් ලෙස අප අපගේ තොරතුරු තාක්ෂණ ක්රියාවලිවල සෑම අංශයක් ම ආවරණයවන පරිදි තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දීමට කටයුතුකරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා සඳහා ජනතා සහභාගිත්වය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබා දීමට අප කටයුතු කරනවා. මුල්‍ය තාක්ෂණ සේවා මුළුමනින් ම ස්වයංක්‍රීයකරණය කළ හැකි ආයතනයක් බවට පත්කිරීමේ අපගේ දැක්ම සාක්ෂාත්කර ගැනීමට Infosys සමාගම සමග ඇති සබඳතාව මනාව උපකාරී වී තිබෙනවා, " යනුවෙන් සියපත් ෆිනෑන්ස් සමාගමේ තොරතුරු තාක්ෂණ කළමනාකාර මංජුල බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.
Infosys සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන EdgeVerse System හි ප්‍රමුඛත ම ඩිජිටල් බැංකුකරණ විසඳුමක්වන Finacle මෘදුකාංගය, බාධාවකින් තොර පාරිභෝගික අත්දැකීම්, පුළුල් පද්ධති දියත් කිරීම, අදහස් මත පදනම් වූ අන්තර්ක්‍රියා සහ පරිපූර්ණ ස්වයංක්‍රියකරණය ළඟාකර ගැනීම සඳහා සම්ප්‍රදායික සහ නැගී එන මුල්‍ය ආයතනවලට සහයෝගය ලබා දෙයි. Infosys Finacle Client Innovation සම්මාන උළෙල වාර්ෂිකව සංවිධාන කෙරෙන අතර, කාණ්ඩ 10 ක් යටතේ 250 කට අධික නාම යෝජනා ප්‍රමාණයක් මේ වසරේදී හිමි වී තිබිණ.
සම්මාන වැඩසටහන සඳහා යෝජිත නවෝත්පාදන පිළිබඳ අදහස් පළ කරමින් Infosys සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සහ ගෝලීය ප්‍රධානී සනත් රාඕ මහතා මෙලෙස සඳහන් කළේය. "අප ජීවත් වන්නේ අනපේක්ෂිත වෙනස්වීම් සිදුවන කාල වකවානුවකය. මේ කාලය තුළ තරගකාරිත්වයට මුහුණ දීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය නවෝත්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතිනවා. Covid-19 වසංගත තත්ත්වයත් සමග එය අධි වේගී අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. එමගින් බැංකු සහ මුල්‍ය ආයතනවලට නවෝත්පාදන ව්‍යාපාරික මොඩල හඳුන්වා දීමටත්, පාරිභෝගික-කේන්ද්‍රීය අගය මාර්ග දියත් කිරීමටත් ඩිජිටල් යුගයට සරිලන පරිදි සිය ආයතනික හැකියා උසස් කිරීමටත් බලපෑමක් ඇතිකර තිබෙනවා. Finacle Innovation Awards 2021 සම්මාන උළෙල සඳහා යෝජනා වූ සහ ජයග්‍රහණය කළ සමාගම්, ලොව පුරා වඩාත් බලපෑමක් ඇතිකළ හැකි තාක්ෂණය මත පදනම් වූ බැංකුකරණ සහ මුල්‍ය ආයතනික නවෝත්පාදන සිදුකරමින් මෙම දිශානතිය වෙත ගමන් කිරීම සඳහා පැහැදිලි කැපවීමක් පෙන්නුම් කරනවා. මේ වසරේදී සම්මාන උළෙල සඳහා ලැබී තිබූ නාම යෝජනා ප්‍රමාණය සහ විවිධත්වය මගින් ලොව පුරා බැංකු නවෝත්පාදනය සඳහා සිදු කරන තිරසර ආයෝජන සහ දැක්ම පිළිබිඹු වනවා. ඇගයුමට පාත්‍ර වූ සියලු ම බැංකු සහ මුල්‍ය ආයතනවලට මාගේ හෘදයංගම සුබපැතුම් පිරිනමන අතර 2021 වසරේදී සහ ඉන් පසුව ද අඛණ්ඩව සාර්ථකත්වය ළඟාකර ගැනීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරනවා." සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන සියපත ෆිනෑන්ස් සමාගම, මුල්‍ය සේවා ක්ෂේත්රයේ වසර 15 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. ලීසිං, පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීම් සහ ෆැක්ටරින් සේවාවලින් සමන්විත පුළුල් පරාසයක සේවා පෙළක් සමගින් එම සමාගම මෙරට මුල්‍ය ආයතන අතර ප්‍රමුඛත ම මුල්‍ය ආයතනයක් බවට පත්ව සිටී. දියුණුවෙන්-දියුණුව කරා ගමන් කරන සියපත ෆිනෑන්ස් සමාගම, ප්‍රධාන නගර තුළ පිහිටි ශාඛා 40 කින් සමන්විත ශාඛා ජාලය සමගින් මෙරට වඩාත් විශ්වසනීය ම ප්රමුඛ මුල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස සිය නාමය සනිටුහන්කර ඇත.